Thursday, May 6, 2010

???

ඔබ නොදන්න
පෙර දින මා
ඔබේ කවි තුලින්
ඔබව සෙව්වෙමි

ඔබව දන්න
අද දින මා
ඔබ තුලින් ඔබේ
කවි සොයමි


චන්දිම

Sunday, April 4, 2010

ප්‍රතිරාවය

ජීවිතේ මුල් ගල
හාරා හොරකම් කර
තනන අලුත් ගෙයි
නංවයි, අතීතය
දෝංකාර

නෙත්

Thursday, April 1, 2010

දේදුන්න

නිල් කලු අහස යට
පාට පාට දේදුන්න
මහත් හරසරින්
කඳවා වෙසෙසින්
උදම්ව සිත්සේ
ගිය පසු රහසේ
හඩම් ද දුකසේ

තව මොහොතයි
ජීවිතය
මියැදෙන්න
අශාමුක්තව බලා
සැනසෙම්ද නුඹ දෙස
සිතිවිලි ගල් වුනු
අහසට කුමටද
පාට ගොඩක්
කලුම කලු පාට මිස,
වැස්සක්ව වැටී
මි‍යැදෙන්න ලඟ තනි සිතට

neth

beauty

මැරුනු හම ඉවත් කර
වතුරෙ දිය කර හරිමි
මැරුනු කොන්ඩයක් හා
දවසක්ම ඔට්ටු වෙමි

ලස්සන
හැමතින් දළුලන
එහෙත්,
වෙහෙසයි ජීවිතය
බැරි බැවින්
සෝදා දියකර හරිනු
සිතිවිලිත් සෝ තැවුල්

ලස්සන දළු ලන
කඳන් යට,
වැහැරේ
ජීවිතය හරිම හිස්

නෙත්

Tuesday, March 30, 2010

පුරවර....

ආශා ලොබින - ලුහු බැඳ දුවන
ජීවය නොමැති - ජීවිත ගෙවන

මනු සස් නොවන - මනු සත් ම වන
අනුසස් පිණිස - දෙවියන් යදින

මිනිසුන් වසති - ධනයෙන් පිරැණ
හදවත් පිණිස - හිඟමන් යදින

-චන්දිම

Monday, March 22, 2010

මොබයිලය

පෙනෙන මානයේ තබාගෙන
රවාගෙන එදෙසට
බලා ඉමි ලැබෙනතුරු
ඇමතුමක් ඔබගෙන්
බොහොමත්ම හදිසියෙන්
කීමට යමක් ඇත මුවග පොපියමින්
"එපා මට නුඹද ඔබේ ඔය ආදරය
සිතු බැවින් තනි වන්න"
තප්පරෙන් තප්පරය
ගෙවෙන්නේ කාලයද?
සිතිවිලිද?
හදිස්සිය පහ වෙයි
ටිකෙන් ටික
වෙනස් වෙයි
තැවෙයි දුකින් බරවෙයි සිත
අනේ එපා රිං වන්න
මොබයිලය...

-නෙත්

Thursday, March 18, 2010

දළු

තුරු හිසමත නව එලියක්!
පරණ පත් සඟවගෙන
අලුත් රතු දළු
නෙතගින් බලා හෙමිහිට
සුලඟ හා නැලවෙන්න දඟලන
රතින් උදම් වූ
සිනිදු රතු දළු
සුළගටත් සෙලවෙන
වැස්සෙනුත් සසැලෙන
අවුවටත් මැලවෙන!

නෙත්-