Tuesday, March 2, 2010

මතකය...

සෙවනැල්ල සේම ලඟ
ඉනු ඇතැයි සිතූ මුත්
සෙවනැල්ල මට අයිති
නොමැති බව
‍නොසිතුවෙමි...

චන්දිම

12 comments:

  1. අපේ කියලා හිතන් ඉන්න හුගාල් දේවල් අපේ නෙමේ කියලා දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙයි....

    අපූරු නිර්මාණයක්.........

    ReplyDelete
  2. ඔව් දිල් ඒක එහෙම තමයි...

    බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. මේ ලිපියට මතකය කියලා දාපු එක මට පැහැදිලි මදි චන්දිම.
    පොඩ්ඩක් කියනවද ඒ මොකෝ කියලා...
    කොහොම උනත් ලස්සන අදහස අකුරු කරලා තියෙන්නේ..

    /බිඟුවා...!

    ReplyDelete
  4. මම හිතුවෙ මෙහෙමයි...

    ඉස්සර තිබිල කැඩිල ගියපු ලව් එකක්... දැන් මතක් වෙනකොට හිතෙන විදිය...

    ලවි එක පටන් ගනිද්දි හිතුවෙ සෙවනැල්ල වගේ ලඟ ඉඳියි කියල...
    ඒක නැති වුණාම තමයි සෙවනැල්ල වුණත් තමන්ට අයිති දෙයක් නෙමෙයි කියන එක දැනුණේ...

    බිඟුවාට බොහොම ස්තුතියි... අඩුපාඩු පෙන්නනවා නම් මම ගොඩක් කැමතියි...

    ප්‍රසංසාව සිදු කරනුයේ දිරිමත් කිරීමය..
    නමුත් විවේචන අපව නිවැරදි කරයි...

    -චන්දිම

    ReplyDelete
  5. අදහස ලස්සනයි. නමුත් එකවරම හිතෙන්නේ කවිය ලියා ඇත්තේ මතකය ගැන කියලයි. මගේ රසඥතාවයේ ප්‍රශ්නයක් ද දන්නෙත් නැහැ. :P කොහොම උනත් ලස්සන කවියක්! :) :)

    ReplyDelete
  6. හ්ම්.. මතකය කියල මාතෘකාව දැම්ම නිසා වෙන්න ඇති...

    ආදරය ගැන මතකයක් තමයි ලිව්වෙ...

    මගේ කවි වලට පළවෙනිම කමෙන්ට් එක දෙන නෙත් වුණත් මට කිව්වෙ මේක එච්චර දැනෙන්නෙ නෑ කියලයි... ඉතින් මේක රසඥතාවයේ ප්‍රශ්නයක් නෙමෙයි... නිර්මාණය දුර්වලයි... ඒවා එහෙම තමයි... ඇවිදින්න කලින් අපි දණගාන්න ඕන නේ... :D

    බොහොම ස්තුතියි අතුරලිය කවි කියවල අදහස් දීපු එකට..

    -චන්දිම

    ReplyDelete
  7. මට නම් හිතෙන්නේ ඔබ දෙදෙනාම දණගාන කාලය පසු කරල බොහොම කල් බවයි.
    දිගු ගමනකට සුබපැතුම්!

    ReplyDelete
  8. ස්තුතියි මිත්‍රයා...

    ReplyDelete
  9. නිර්මාණය ලස්සනයි. කමෙන්ට්ස් වලින් අදහස තවත් පැහැදිලි උනා.

    ReplyDelete
  10. :D ස්තුතියි රවින්...

    ReplyDelete
  11. නිර්මානය ලස්සනයි යොදාගත් මාතෘකාවත් හොදයි...

    ReplyDelete