පෙනෙන මානයේ තබාගෙන
රවාගෙන එදෙසට
බලා ඉමි ලැබෙනතුරු
ඇමතුමක් ඔබගෙන්
බොහොමත්ම හදිසියෙන්
කීමට යමක් ඇත මුවග පොපියමින්
"එපා මට නුඹද ඔබේ ඔය ආදරය
සිතු බැවින් තනි වන්න"
තප්පරෙන් තප්පරය
ගෙවෙන්නේ කාලයද?
සිතිවිලිද?
හදිස්සිය පහ වෙයි
ටිකෙන් ටික
වෙනස් වෙයි
තැවෙයි දුකින් බරවෙයි සිත
අනේ එපා රිං වන්න
මොබයිලය...
-නෙත්
නැතිවත් බැරි
ReplyDeleteඇතිවත් බැරි
අනේ අපේ
මොබයිලය
කෝ..හැබැටම මොබයිලය...
කාලයකදී නැතිවම බැරි උන දෙයක් වෙච්ච මොබයිල් එක ඊටත් පස්සෙ මම පැත්තකටම දාලා තිබ්බා.හරියටම අවුරුදු 3ක්. දැන් ආයෙමත් මා ලග....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්!
අපූරු නිර්මාණයක්
රිං වෙන හැම මොහතකම
ReplyDeleteකන බත් පතද විසි කර
දුවමි නුඹෙ හඩ අහන්නට
ඒ නුඹ නොවන
හැම මොහතකම
සිතට එන එකම සිතුවිල්ල
"අනේ එපා රිං වන්න
මොබයිලය..."
මොබයිලයත්
ReplyDeleteජීවිතය වගේ
උනු හින්දා බොන්නත් බෑ
කිරි හින්දා විසි කරන්නත් බෑ