Tuesday, March 30, 2010

පුරවර....

ආශා ලොබින - ලුහු බැඳ දුවන
ජීවය නොමැති - ජීවිත ගෙවන

මනු සස් නොවන - මනු සත් ම වන
අනුසස් පිණිස - දෙවියන් යදින

මිනිසුන් වසති - ධනයෙන් පිරැණ
හදවත් පිණිස - හිඟමන් යදින

-චන්දිම

6 comments:

  1. ලස්සනයි.
    මේක ඇත්ත මචං.
    මොනා කරන්නද අපි වගේ සොක්කන්

    /බිඟුවා...!

    ReplyDelete
  2. මිනිසුන් වසති - ධනයෙන් පිරුණ
    හදවත් පිණිස - හිඟමන් යදින

    හරිම අපුරු වටිනා අදහස් ටිකක්

    ReplyDelete
  3. අපූරු සිතිවිල්ලක්...ඒ වගේම වටිනා අදහසක් චන්දිම

    ReplyDelete
  4. විසිතුරු ලෙස ගලපන ලද සත්‍යය...

    ReplyDelete
  5. ලස්සනයි තව ටිකක් දීර්ඝ උනානම් හොදයි කියලත් හිතෙනවා

    ReplyDelete
  6. බිඟුවා,පිටස්තරයා, දිල්, අතුරලිය, ජීවිතය සොබාදහම....

    බොහෝම ස්තුතියි අදහස් හා දිරිගැන්වීම් වලට :)

    -චන්දිම

    ReplyDelete